Saturday, April 20, 2024

General line - 0115112241

වාර්තා පොත් අළුත් කළ ශ්‍රී ලංකා- එංගලන්ත ටෙස්ට් තරගය

තරංග රුක්ෂාන් ජයසේකර




එංගලන්තය අද (18) ජයග‍්‍රහණය කළ ශී‍්‍ර ලංකාව සමග පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය කි‍්‍රකට් වාර්තා පොත් අලූත් කර තිබෙනවා. මෙම තරගය සටහන් වූයේ ලෝක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ දඟ පන්දු යවන්නන් විසින් වැඩිම කඩුළු සංඛ්‍යාවක් බිඳ හෙලූ තරගය ලෙසයි. 

මෙම තරගයේදී දෙපිලේම දඟ පන්දු යවන්නන් කඩුළු 38ක් බිඳ හෙලූවා. ඉන් කඩුළු 19ක් ශි‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන්ටද, 19ක් එංගලන්ත දඟ පන්දු යවන්නන්ටද අයත්. මෙලෙස බිඳ වැටුනේ වසර 49ක් පැරණි වාර්තාවක්. 

එමෙන්ම එංගලන්ත කණ්ඩායමේ කිසිඳු වේග පන්දු යවන්නෙකුට මෙම තරගයේදී එක් කඩුල්ලක් හෝ දවා ගැනීමට හැකිවූයේ නැහැ. එය සටහන් වූයේ වසර 62කට පසු වේග පන්දු යවන්නෙකුගේ සහයක් නොමැතිව එංගලන්තය තරගයක් ජය ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි. අද අවසන් වූ තරගය එංගලන්තය ජය ගත්තේ ලකුණු 57කින්. 

ඒ සමග ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය එංගලන්තය 2 ට 0ක් ලෙස ජය ගත්තා. ශී‍්‍ර ලංකාවේදී එංගලන්තය ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත්තේ වසර 17කට පසුව වීමද විශේෂත්වයක්.