Wednesday, April 24, 2024

General line - 0115112241

අගමැති ලේකම්ට වැරදුනු තැන එජාපය පෙන්වා දෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර ගැනීමට ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා අදාළ නිවේදනය නිකුත් කර තිබුණේ කරුණු 12ක් දක්වමින්. 

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් පී පෙරේරා පළ කළේ මෙවන් අදහසක්.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයා එවලා තියෙනවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනා යුතු ක්‍රමය ගැන. එතුමා අගමැති ලේකම් උනත් පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ප්‍රවීනයෙක් නෙමෙයි. එතුමා කියනවා අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයාට භාර දෙන්න මන්ත්‍රිවරුන් 20ක් අත්සන් කරන්න ඕනේ කියලා. ඒක වැරදියි. එක් මන්ත්‍රිවරයෙක් අත්සන් තැබුවත් ඇති. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සදහන් වන්නේ නැහැ කීදෙනෙක් අත්සන් තැබිය යුතුද කියලා.