Friday, April 19, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාට අපේ බහුතරය හෙට පෙන්වනවා - එජාපය : සාකච්ජාවේ එකඟතාවයක් නැහැ - ඇමති ගම්මන්පිළ

දිනුක් හේවාවිතාරණ




දැනට පත්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති බවත් ඒ සදහා මන්ත්‍රීවරුන් 113 කට වැඩි පිරිසක් සමග ඔවුන්ගේ දිවුරුම් ප්‍රකාශද සමග හෙට (19) දින උදැසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට සුදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා පවසා සිටිනවා.

අද (18) ජනාධිපතිවරයා කඳවු සර්ව පාක්ෂික සමුළුව අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව කියා සිටියා.

මේ අතර ඉකුත් 14 වෙනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ බවට හැන්සාර්ඩ් වාර්තාවේ සඳහන් නොවන බව අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටිනවා. 

මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ නිත්‍යානුකුල විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් ආණ්ඩුවට එරෙහිව සම්මත කර ගතහොත් අගමැතිධුරය සහ ආණ්ඩුවෙන් ඉවත් වීමට ඕනෑම මොහොතක සුදානම් බවයි. එමෙන්ම අද දිනයේදී පැවති සර්ව පාක්ෂික සමුළුව කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වූ බවද අමාත්‍යවරයා කියා සිටියා.

හෙට දිනයේදී කටයුතු සිදුවන ආකාරය පිලිබදව තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම හෙට උදැසන 11ට පාර්ලිමේන්තුවේදී රැස්වන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.