Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ගැන බුද්ධි අංශය සිදුකළ හෙළිදරව්ව




අද (19) දිනය තුළද පාර්ලිමේන්තු රැුස්වීම් වාරය කඩාකප්පල් කිරීම සඳහා කිසියම් ආකාරයක සැලැස්මක් කි‍්‍රයාත්මක වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබූ බව කතානායක කාර්යාලය පවසනවා. එබැවින් පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් කතානායක කාර්යාලය පවසන්නේ. 

ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශ භාර අධ්‍යක්‍ෂවරයා, පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව කතානායකවරයා අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.