Tuesday, April 23, 2024

General line - 0115112241

ඊශ්‍රායාලයේ බල පෙරලියක ලකුණු

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඊශ‍්‍රායලය තුළද දේශපාලන අර්බුදයක් හට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් පාලක සන්ධානයේ බලය ගිලිහී යාමේ අවදානමක් මතුව ඇති බවයි. මෙම තත්ත්වය මතුවූයේ එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමගයි.

ඒ සමගම අග‍්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය පවතින්නේ විපක්ෂයට වඩා එක් ආසනයකින් පමණක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. පාලක සන්ධාන රජයේ තවත් අමාත්‍යවරයෙකු ඊයේ (18) ඉල්ලා අස්වීමට සූදානම් වුවත් ඔහු තවදුරටත් එම ධූරයේ රඳවා තබා ගැනිමට අග‍්‍රාමාත්‍යවරයා සමත්ව තිබෙනවා. එසේම සිය පාලක සන්ධානයේ බලය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යානු රජයේ ප‍්‍රභල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡුා වට රැසක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.