Friday, April 19, 2024

General line - 0115112241

මහ බැංකුවේ අධිපති ආර්ථිකයේ තත්ත්වය ගැන ඇමතිවරුන්ට පහදයි

හේමන්ත කහවලගේ




කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එම රැස්වීමෙන් අනතුරුව රටේ ආර්ථික හා මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමේ විශේෂ සමාලෝචනයක්ද සිදුකර තිබෙනවා.

එම ආර්ථික සමාලෝචනය සිදුකර ඇත්තේ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල, ජනාධිපති ආර්ථික උපදේශක මහාචාර්ය ලලිත් සමරකෝන් විසින්. විදේශ ණය වාරික ගෙවීම සම්බන්ධයෙන් නීතිමය හෝ කිසිදු මූල්‍ය ගැටළුවක් පැන නැගී නොමැති බව එම නිලධාරීන් විසින් කැබිනට් මණ්ඩලය හමුවේ අනාවරණ කර තිබෙනවා.