Saturday, April 20, 2024

General line - 0115112241

යාපනයේ මහාපරිමාණයෙන් සැරසිලි - පොලිසිය තහනම් නියෝගයක් ඉල්ලන් අධිකරණයටත් යයි (PHOTOS)

දිනසේන රතුගමගේ




යාපනය විශ්ව විද්‍යාලය විසින් මෙවර මහා පරිමාණයෙන් දියත් කිරීමට සූදානම් වෙන මහවිරු සැමරුම් උළෙල අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලීසිය ඊයේ (21) යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබෙනවා.

යාපනය පොලීසිය විසින් යාපනය දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත්තේ මෙම මහවිරු සැමරුම් උළෙල නිසා පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බැවින් මේ සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

යාපනය පොලීසිය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම හෙට (23) දක්වා යාපනය දිසා විනිසුරුවරයා විසින් කල් දමා තිබෙනවා.

මේ වන විට යාපනය විශ්ව විද්‍යාලය මගින් යාපනයේ විවිධ ස්ථානවල පෝස්ටර් හා බැනර් යොදා මහවිරු උළෙල සැමරීම සඳහා එක්වන ලෙසට ඉල්ලීම් කොට තිබෙනවා.

ඒ අතරතුර යාපනය විශ්ව විද්යාලයේ සිසුන් විශ්ව විද්‍යාලය ඇතුලුව යාපනයේ බොහෝ ස්ථානවල මහවිරු දිනය නිමිත්තෙන් විවිධ සරසිලි සිදුකරමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.