Saturday, April 20, 2024

General line - 0115112241

කලින් හොරෙන් සිගරට් ගෙනා ව්‍යාපාරිකයා ලක්ෂ 36ක "අයිස්" සමග කොටුවෙයි

ටී කේ ජී කපිල - කටුනායක




රුපියල් ලක්ෂ 36ක් වටිනා අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු අද (22) මීගමුව මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, අදාළ සැකකරු රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමටයි. 

ඉන්දියාවේ සිට මෙරටට පැමිණි මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි පනස් දෙහැවිරිදි ව්‍යාපාරිකයෙක්. ඔහු සිය සිරුරේ සඟවා ගෙන මෙම මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් තිබූ අතර එහි බර ග‍්‍රෑම් 300ක්. මෙම සැකකරු මීට පෙර ද ඉන්දීයාවේ සිට නීති  විරෝධිව දුම්වැටි තොගයක් රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.