Wednesday, April 24, 2024

General line - 0115112241

රාවණා දෙවියන්ගෙන් පැවත එනබව කියන ජන කොටසක් අතරේ බලි තොවිල් ශාන්තිකර්ම ඉහළ යයි (PHOTOS)

ඉන්දික අරුණ කුමාර




නවීන විද්‍යාව කෙරම් දියුණු වුවද තවමත් ලග්ගල ජනයා ශාන්තිකර්ම වලට මුල්තැනක් දෙමින් කටයුතු කරන බව වැඩිහිටියන් පවසනවා. ශාන්තිකර්ම මෙන්ම විවිධ උපද්‍රවයන්ගෙන් බේරීම සඳහා සිදුකරනු ලබන විවිධ පූජා විදික‍්‍රම මේ දිනවල ලග්ගල ප්‍රදේශය තුළ බහුලව දක්නට ලැබෙනවා.

ඒ අතර අපල උප‍්‍රව දුරු කිරීම සඳහා සිදුකරනු ලබන පූජා,අන වින හූනියන් කැපීම් ආදීය ද, බහිරව දෝශවලින් ආරක්ෂා වීම සඳහා විශේෂ බහිරව පූජා මෙන්ම බළි තොවිල් ද ඒ අතර ප‍්‍රධාන තැනැක් ගනී.

වසර පන්දහසකට වැඩි ඉතිහාසයක් පවතිනවා යැයි සඳහන් කරන ලග්ගල ජනයා රාවණ දෙවියන්ගෙන් පැවැත එන්නේ යැයි විශ්වාස කරති. අදටත් සූර්‍ය දෙවි නමස්කාරය, යක්කම නැටීම,දෙවොල් මඩු,ගම් මඩු මෙන්ම කොහොඹා කංකාරිය ආදී ශාන්ති කර්ම ද ලග්ගල ප‍්‍රදේශයේ දක්නට ලැබෙන ශාන්ති කර්ම අතර ප‍්‍රධාන තැනැක් ගනියි.

පසුගිය වසර වලට වඩා ලග්ගල ප‍්‍රදේශයට බලපා ඇති කාලගුණික විපර්යාස මෙන්ම වගා වලට වැළඳී ඇති රෝගගාබාධ වලින් වැලකීම සඳහා බහුලව ශාන්තිකර්ම පවත්වනු දක්නට ලැබෙනවා. ඒ අතර තමන්ට පවතින දෝශාන්දකාරයන් වලින් මීදීම සඳහා පුජා පවත්වා තුං මංසල පුහුල් කැපීමේ ශාන්ති කර්මය ද මේ දිනවල බහුලව දැකිය හැකි ශාන්ති කර්මයකි.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ නාඋල ප‍්‍රදේශයේ තුං මංසලක සිදුකරන ලද පුහුල් කැපීමේ ශාන්තිකර්මයක් සිදුකර ඇති අයුරුයි.