Tuesday, April 16, 2024

General line - 0115112241

සරණාගත කඳවුරු නීති අභියෝගයට ලක් කරයි




ඔස්ටේ‍්‍රලියාවේ සරණාගත කඳවුරු ආශ‍්‍රිතව කි‍්‍රයාත්මක රහස්‍යභාවය පිළිබඳ නීති අභියෝගයට ලක් කරමින් එරට වෛද්‍යවරුන් පිරිසක් අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට තීරණය කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඔස්ටේ‍්‍රලියානු සරණාගත කඳවුරු ආශ‍්‍රිතව සිදු වන විවිධ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ඉකුත් කාලසීමාවේදී තොරතුරු වාර්තා වූ බවයි. ඒවා හෙළි කළ පුද්ගලයින්ට වසර 02 ක සිර දඩුවමක් පැනවීමේ හැකියාව පවතිනවා.

එය අභියෝගයට ලක් කරමින්  ඕස්ටේ‍්‍රලියානු වෛද්‍යවරුන් මෙලෙස අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීමටයි තීරණය කර තිබෙන්නේ.