Wednesday, April 24, 2024

General line - 0115112241

විදෙස් ණය පියවීමට රජයේ බැංකුවලින්ද ඩොලර් මිලියන දහසක මුදලක්

තරංග රුක්ෂාන් ජයසේකර




ලබන වසරේ ගෙවීමට ඇති විදෙස් ණය පියවීම සදහා රජයේ බැංකුවලින්ද ඩොලර් මිලියන දහසක මුදලක් ලබාගැනීමට අදහස් කරන බව ජාතික ආර්ථික සභාව පවසනවා. එහි ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සදහන් කළේ ලබන වසරේදී ගෙවීමට ඇති අමෙරිකානු ඩොලර් මිලියන 1,500 ක ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න දැනටමත් සැලසුම් කර ඇති බවයි. 

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.