Thursday, March 28, 2024

General line - 0115112241

විශේෂ ආරක්ෂාව මැද අදත් පාර්ලිමේන්තුව රැස්වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




පාර්ලිමේන්තුව අද (23) දිනයේද රැස් වනවා. පාර්ලිමේන්තුව ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පෙරවරු 10.30 ටයි. පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ කතානායක කරූ ජයසූරිය මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා ඇති බවයි. එහිදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති. එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රය පිළිබදවද මෙම පක්‍ෂ නායක රැස්වීමේදී සාකච්ඡුා කරනු ඇත බවටයි වාර්තා පළ වන්නේ.

අවසන්වරට ඉකුත් 19 වනදා පැවති පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 6 කට පමණ සීමා වුණා. එම රැස්වීම පැවැත්වුණේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට තීරණය කෙරුණේ එදින පැවති පක්‍ෂ නායක රැස්වීමේදීයි. ඒ අනුව කඩිනමින් සිය නියෝජිතයින් නම් කර එවන ලෙසටයි එදින සියළු පක්‍ෂ වෙත දැනුම් දීමක් සිදුකළේ. 

අද දිනයේද පාර්ලිමේන්තුවට විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගන්නා බව පොලීසිය සදහන් කළා. පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම කැරළි මර්දන ඒකකද සීරුවෙන් තබනු ඇති බවටයි ප‍්‍රකාශ කෙරුණේ.