Wednesday, April 17, 2024

General line - 0115112241

ඔවුන්ට සවියක් වන්න නොවැම්බර් 25 වෙනිදාට ඔබත් එන්න




ජාත්‍යන්තර සිංහ සමාජය දිස්ත්‍රික් 306 C2 විසින් සංවිධානය කරනු ලබන "පැතිකුදය වෙනුවෙන් පාගමන" මෙම මස 25 වෙනිදා උදෑසන 7 ට නිදහස් චතුරශ්‍රය අභියසින් ආරම්භ වේ.

කොදුනාරටිය අසාමාන්‍ය ලෙස ඇද ගැසීම මෙම රෝගය වන අතර එය " පැතිකුදය" යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම රෝගය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිම මෙම පාගමන මගින් බලාපොරොත්තු වනවා. 

ඉතා කුඩා වයසේදී (අවුරුදු 7 සහ 10) අතර දරුවන් මෙම රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාව වැඩි වන අතර ඉක්මන් ශල්‍යකර්ම සිදුකිරීම හරහා රෝගීන්ගේ දිවි ගලවා ගැනීම සිදුකළ හැකි බවයි වෛද්‍ය නිර්දේශය වන්නේ.

නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ වන මෙම පාගමන කොළඹ මහජන පුස්තකාලය අසලින් අවසන් වන බව සංවිධායකයින් පවසයී. 

මෙම පාගමනට ඔබ සැමට එක්වන ලෙස ජාත්‍යන්තර සිංහ සමාජය දිස්ත්‍රික් 306 C2 ආරාධනා කරනු ලබනවා.