Friday, March 29, 2024

General line - 0115112241

රනිල් ගැන ජනපති ලියන පොතට අකිලගෙන් නමක්

ලහිරු කපුගේ/ මහේෂ් චතුරංග




නව ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය රටපුරා කි‍්‍රයාත්මක කරන විරෝධතා මාලාවේ පළමු වැන්න මහනුවර නගරයේ ඔරලෝසු කණුව අසලදී මේ වනවිට පැවැත්වෙනවා. ඒ, එක්සත් ජාතික පෙරමුණේ නායකයින් රැසකගේ සහභාගිත්වයෙන්.

මේ, රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න පැවසුවේ, යළි කන්ද උඩරටට එන්නේ ප්‍රජාතතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව ආරක්ෂා කරන සටන ජයගෙන බවයි.


පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක රැලිය අමතමින් පැසුවේ නීත්‍යානුකූල ආණ්ඩුවක් පවත්වන මැතිවරණයකට ඕනෑම වේලාවක සූදානම් බවය. එවැනි මැතිවරණයකදී මහින්ද මෛත්‍රී යුගලයම එකවර පාජය කරන බවයි. 


විරෝධතා රැළිය ඇමතූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලියන බව කියූ ග‍්‍රන්ථයට උදැල්ල නැත්නම් කකුල් මාට්ටුව යන නම් සුදුසු බව පැසුවා.