Thursday, April 25, 2024

General line - 0115112241

රනිල්ට යළි අගමැතිකම දෙන්නේ නෑ කිව්ව ජනපතිට එජාපෙන් පිළිතුරු

ලහිරු කපුගේ




රනිල් වික‍්‍රමසිංහ මහතා අනිවාර්යෙන්ම ඉදිරියේදී අග‍්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට සිදු වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා.

ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ඊයේ (25) සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්. ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ කිසි ලෙසකින්වත් රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බවයි. 

කෙසේවෙතත් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ඔක්තෝබර් 26 වැනිදා පැවති තත්ත්වය යළි ඇති කිරීමට එක්සත් ජාතික පෙරමුණ සියලූදෙනා එකගතාවකට පැමිණ ඇති බවයි. 

අග‍්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් නායකත්වයේ වෙනසක් සිදු නොකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර ඉදිරි දිනවලදී ආණ්ඩුවට එරෙහිව ජනබලය ගොඩනැගීම සඳහා විරෝධතා සිදු කිරීමටයි එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ.