Thursday, April 25, 2024

General line - 0115112241

යාපනය සරසවිය ඇතුළේ අද අලුයම ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරේ (PHOTOS)

මාධව කුලසූරිය




ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් අද (26) අලුයම යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වා ඇති බව යාපනය ආරක්ෂක අංශ සඳහන් කළ බව යාපනය nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

යාපනය ආරක්ෂක අංශ පවසා ඇත්තේ එල්. ටී. ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා මෙම සැමරුම් වැඩසටහන පවත්වා ඇති බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාලය තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද nethnews.lk වාර්තාකරු සඳහන් කළා.

ප්‍රභාකරන්ගේ උපන්ගම වන යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක්ද කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇති බව ආරක්ෂක අංශ වෙත වාර්තා වී ඇති බවත් සඳහන්.

එල්. ටී. ටී. ඊ නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන් 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා.

වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වුණා.

එල්. ටී. ටී. ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති අවධියේ මහා ජන සංහාරයක් සිදුකරමින් ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම පැවැත්වීමට එල්. ටී. ටී. ඊ සංවිධානය ‍කටයුතු කොට තිබුණා.

ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම වෙනුවෙන් හා මහවිරු සැමරුම් වෙනුවෙන් මහවිරු පවුල් වෙත භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන් රැසක් ද ඊයේ (25) යාපනය හා මුලතිව් ප්‍රදේ‍ශයන්හිදී පවත්වා ඇති බවද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබෙනවා.