Friday, March 29, 2024

General line - 0115112241

මහජන බැංකුවේ නව සභාපති




මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ ඉකුත්දා වැඩ භාරගත්තා. ඒ, මහජන බැංකු ප‍්‍රධාන කාර්යාලයේදීයි. සුජාතා කුරේ වරාය සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසද කටයුතු කළ අතර මුදල් අමාත්‍යාංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරිය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වශයෙන්ද මීට පෙර කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරනවා.