Friday, March 29, 2024

General line - 0115112241

නිවසේදී පාසලේදී සහ සමාජයේදී දරුවන් අත්දකිමින් සිටින්නේ ප‍්‍රචණ්ඩත්වයයි



දරුවන් ප‍්‍රශ්න හමුවේ ප‍්‍රචණ්ඩ වීම සම්බන්ධයෙන් සමාජයේ සියලූ කොටස් වගකිව යුතු බව විද්වතුන් පෙන්වා දෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත පවසන්නේ නිවසේදී ද, පාසලේදී සහ සෙසු සමාජයේදී ද දරුවන් අත්දකිමින් සිටින්නේ ප‍්‍රචණ්ඩත්වය බවයි.

ප‍්‍රශ්න හමුවේ ප‍්‍රචණ්ඩ වීමට එයම දරුවන්ට බලපෑමක් ඇති කරන බවද ඔහු විස්තර කළා. 

ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා. 

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති එම්. ආර්. බී. කසුන් ගුණරත්න ද මෙම සංවාදයට එක්වුණා. ඔහු පෙන්වා දුන්නේ දරුවන් වරදින් මුදවා යහමග යැවීමට ගුරුවරයාට ද වගකීමක් පැවරී ඇති බවයි. ඒ සඳහා ගුරුවරයා සිය භූමිකාව නිවැරදිව වටහා ගත යුතු බවද ඔහු පැහැදිලි කළා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි. 

>