Thursday, April 18, 2024

General line - 0115112241

පාසලට උපකාර කළ 'නෙත්' වෙත පුංචි පුතෙකුගෙන් තෑග්ගක් (PHOTOS)




මලල්ගොඩ සිරි සීවලී විද්‍යාලයේ  දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් පාසලේ පුස්තකාලයක් ඇති කිරීම සඳහා නෙත් නිවුස් සහ දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහන හරහා පසුගියදා වැඩසටහනක් දියත් කර තිබුණා.

සිය පාසල වෙත අවධානය යොමු කළ නෙත් රේඩියෝවට ස්තූතිය පිරිනැමීම වෙනුවෙන් එම පාසලේ 05 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අපූරු නිර්මාණයක් සිදු කර තිබුණා.

නිශාන් අශින්සන නැමැති එම සිසුවා නෙත් රේඩියෝවේ නිල ලාංඡනය මෙලෙස සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් අලංකාර කර තිබුණා.

(එම නිර්මාණය පහතින් දැක්වෙයි)