Friday, March 29, 2024

General line - 0115112241

‘‘පී එම් බී රයිස්’’ රජය හෙට සිට සහල් වෙළඳාම අරඹයි




වී අලෙවි මණ්ඩලය විසින් ‘‘පී එම් බී රයිස්’’ වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල්, නිල වශයෙන් වෙළඳ පොළට නිකුත් කිරීමේ කටයුතු හෙට ආරම්භ වනවා. එහි ප‍්‍රථම සහල් තොගය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ඇති.

පසුව එම සහල් කිලෝග‍්‍රෑම් 15,000ක් වෙළඳ පොලට නිකුත් කෙරෙන බවයි කෘෂිකර්ම අමාතංශය පැවසුවේ. වී අලෙවි මණ්ඩලය විසින් මෙරට ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග, සහල් ලෙස සකසා මෙලෙස වෙළඳ පොළට නිකුත් කෙරෙනවා.