Wednesday, April 24, 2024

General line - 0115112241

රාජිතගේ දුරකතනයට එන ඇමතුම් ගැන 'අන්ලිමිටඩ්' තුළින් හෙළි කරයි




පවතින දේශපාලන ව්‍යාකූල තත්වයෙන් මිදීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් පිරිසක් සාකච්ඡාවල නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පවසනවා.

එම සාකච්ඡාවල තොරතුරු සම්බන්ධයෙන් තමන්ට ද දුරකතන ඇමතුම් ලැබෙන බවයි මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ.

ඊයේ (28) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ තමන්ට අග‍්‍රාමාත්‍ය ධුරය ලබා ගැනීමට කිසිදු උවමනාවක් නොමැති බවත් එවැනි ධුරයක් ලබා ගන්නේ නම් තමන් එය නීත්‍යානුකූලව සිදු කරන බවයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.