Friday, March 29, 2024

General line - 0115112241

ජීවන් මෙන්ඩිස් ඉදිරියට

කසුන් කැළුම්




දකුණු අප‍්‍රිකාවේ පැවැත්වෙන පළමු පෙළ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලූ ලාභීන් අතර පෙරමුණ ගැනීමට ජීවන් මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඒ, තරග 05ක දී කඩුලූ 11ක් දවා ගනිමින්.

මෙවර තරගාවරයේ දී ජීවන් මෙන්ඩිස් නියෝජනය කරන්නේ ෂ්වානේ ස්පාටන්ස් කණ්ඩායමයි. 

ඒ. බී. ඩිවිලියස් එම කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා. ඊයේ (28) පැවති තරගයකදී ජීවන් මෙන්ඩිස් නියෝජනය කළ ෂ්වානේ ස්පාටන්ස් කණ්ඩායම කඩුලූ 04ක ජයක් වාර්තා කළා. ඒ, ජෝසි ස්ටාර්ස් කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගයේදී ජීවන් මෙන්ඩිස් ලකුණු 37කට කඩුලූ 02ක් බිඳ හෙළීමට ද සමත් වුණා.