Thursday, March 28, 2024

General line - 0115112241

බහුතර කැමැත්තමත රට පාලනය කරනවානම් බෞද්ධ දර්ශනයට අනුකූල ව්‍යවස්ථාවක් හදමු




බහුතරය මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්. නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඒ පිළිබද වෙනත් මානයකින් සාකච්ඡා කෙරුණා.


බහුතරය පිළිබඳ කතා කිරීමේදී බෞද්ධ දර්ශනය පදනම් කර ගැනීමේ වැදගත්කම, කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය මෙහිදී පැහැදිලි කළා. බෞද්ධ දර්ශනයට අනුව අන්‍යාගම් අන්‍ය ජාතීන් සියල්ලට එක්ව සාමූහිකව ජීවත්විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. බහුතරය පිළිබඳ සලකන්නේනම් මෙරට බහුතරය බෞද්ධයන් බැවින් බෞද්ධ දර්ශනයට අනුව ව්‍යවස්ථාවක් ඇති කිරීම පිළිබඳව සැලකිලිමත් වියයුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.