Tuesday, April 23, 2024

General line - 0115112241

මඩකළපුවේදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ තොරතුරු මෙන්න (PHOTOS)




මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ  කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් දිනේෂ් (25) නම් පොලිස් නිලධාරීන් දෙදෙනාය.