Thursday, April 25, 2024

General line - 0115112241

ජනපති කළුගග ජලාශ පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයක (PHOTOS)




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජරට ජනතාව වෙනුවෙන් එතුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් ඉදි වූ කඩිනම් මහවැලියේ අවසන් ජලාශය වන මොරගහකන්ද ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම අද (30) පෙරවරුවේ සිදු කෙරුණා.

අනතුරුව කළුගග ජලාශ පරිශ්‍රය වෙත ද පැමිණි ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් කටයුතු නිරික්ෂණ කළා. 

ජයන්ති සිරිසේන මහත්මිය ද, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මොරගහකන්ද ජලාශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.