Thursday, April 18, 2024

General line - 0115112241

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව ශ‍්‍රී ලංකා යුද හමුදා කී‍්‍රඩා සමාජයට

කසුන් කැළුම්




ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කී‍්‍රඩා සමාජය ඊයේ (01) රාති‍්‍රයේ සමත්වුණා.

ඒ, අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය ගෝල 4ට 2ක් ලෙස පරාජය කරමින්.

දිවා රාති‍්‍ර තරගයක් ලෙස අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදීයි.

යුද හමුදා කී‍්‍රඩා සමාජය වෙනුවෙන් මොහොමඞ් ඉසඞීන් ගෝල 2ක් වාර්තා කළ අතර ජේසුරාජ් බර්නාඞ් සහ කසුන් ප‍්‍රදීප් එක් ගෝලය බැගින් වාර්තා කළා.

සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් ගෝල වාර්තා කළේ සුන්දරාජ් නිරේෂ් සහ චමෝද් දිල්ෂාන්. 

මේ අතර සෝන්ඩෝර්ස් කණ්ඩායම නියෝජනය කළ ප‍්‍රබල කී‍්‍රඩකයෙකු වූ කසුන් ජයසූරිය මෙම තරගයෙන් පසු පාපන්දු පිටියෙන් සමු ගත්තා. 38 හැවිරිදි කසුන් ජයසූරිය පාපන්දු පිටියට පිවිසියේ 1996 වසරේයි. ඔහු කලක් ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.