Thursday, April 25, 2024

General line - 0115112241

දෙරටේ වෙළඳ යුද්ධය ඇරඹීමෙන් පසු ‍"අමෙරිකානු - චීන" නායකයින් මුහුණට මුහුණ හමුවෙයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව හා චීනය අතර දිනෙන් දින වර්ධනය වෙමින් පවතින වෙළඳ යුද්ධය හමුවේ ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති සී. ජින්පින් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ආජන්ටිනාවේ බූනෝස් එයාර්ස් නගරයේදී ආරම්භ වූ G20 සමුළුව අතරවාරයේදීයි.

ඊට සහභාගී වී සිටින රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිතයින් සඳහා ඊයේ (01) රාති‍්‍රයේ විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වුණා. එහිදී අමෙරිකානු හා චීන නායකයින් දෙපළ ද  එකිනෙකා හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම වසරේ මුල් භාගයේදී ආරම්භ වුනු අමෙරිකානු - චීන වෙළඳ යුද්ධයෙන් පසුව දෙරටෙහි නායකයින් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා පැවැත්වූ පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්.

ඒ අනුව ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ සී. ජින්පින් අතර පැය දෙකහමාරක පමණ කාලයක් පුරා සාකච්ඡා පැවැත්වුණු නමුත් එහිදී අවධානය යොමු වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් නිශ්චිත අනාවරණයක් සිදු කරන නැහැ.

එහෙත් චීන මාධ්‍ය පැවසුවේ අර්බුධ විසඳා ගැනීම සඳහා වන හොඳම මාර්ගය, සහයෝගයෙන් කටයුතු කිරීම බව ජනාධිපති සී. ජින් පින් මෙහිදී පවසා ඇති බවයි. දෙපාර්ශ්වයට වාසි දායක අයුරින් කටයුතු කිරීම වඩා යෝග්‍ය බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මෙහිදී පවසා ඇත්තේ.