Saturday, April 20, 2024

General line - 0115112241

වෙළඳ යුද්ධය පසෙක තබා අමෙරිකාව සහ චීනය නව එකඟතාවයකට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වර්ධනය වෙමින් තිබූ වෙළඳ යුද්ධය පසෙක තබා අමෙරිකානු සහ චීන නායකයින් එකගතාවකට එළඹ තිබෙනවා.

ඒ දෙරට විසින් එකිනෙකා හට පනවා ගන්නා නව වෙළඳ බදු අත්හිටුවීමටයි.

ආජන්ටිනාවේ පැවැත්වෙන G 20 සමුළුවට සමගාමීව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ චීන ජනාධිපති සී. ජින්පින්  අතර හමුවක් ඊයේ (01) සිදුවුණා. මෙම වසරේ මුල් භාගයේදී දෙරට අතර ආරම්භ වූ වෙළඳ යුද්ධයෙන් පසුව ඔවුන් දෙදෙනා මුහුණට මුහුණ හමුවූ පළමු අවස්ථාව මෙය වනවා. 

එහිදී නායකයින් දෙපළ අතර පැවැත්වූ සාකච්ඡාවලදී රටවල් දෙක විසින් දෙපාර්ශ්වය හට පැනවීමට නියමිතව තිබූ වෙළඳ බදු දින 90 ක කාලයක් සඳහා අත්හිටුවීමටයි එකගතාව පළ වී ඇත්තේ. ඒ අනුව 2019 වසරේ ජනවාරි මස 01වැනිදා සිට ඉදිරි දින 90ක කාලය තුලදී අමෙරිකාව හා චීනය දෙපාර්ශ්වයට එරෙහිව නව බදු පැනවීම් සිදු නොකරනු ඇති.

එහෙත් අදාළ කාලය තුලදී බදු සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය අපොහොසත් වුවහොත් චීනයට එරෙහිව පනවා ඇති සියයට 10ක් වන බදු ප‍්‍රතිශතය සියයට 25ක් දක්වා ඉහළ නැංවීමට සිදු වන බවටයි ධවල මන්දිරය අනතුරු අගවන්නේ.