Thursday, April 25, 2024

General line - 0115112241

පළමු වරට ටෙස්ට් තරගයක ඉනිමක ජයක්: කොදෙව්වන්ට බංග්ලිදේශයෙන් ප්‍රහාරයක්

තරංග රුක්ෂාන් ජයසේකර




බංග්ලාදේශ කි‍්‍රකට් කණ්ඩායම සිය ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වරට ඉනිමක ජයක් වාර්තා කිරීමට අද (02) සමත්වුණා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සිය පළමු ඉනිමට සියලූදෙනා දැවී ලකුණු 508ක් රැස් කළා. සිය පළමු ඉනිමට කොදෙව් කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ ලකුණු 111ක් පමණයි. 

යළි පිට පිට දෙවෙනි ඉනිම වෙනුවෙන් පහරදුන් කොදෙව් කණ්ඩායමේ සියලූ දෙනා ලකුණු 213කට දැවී ගියා. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට තරගයෙන් ඉනිමක සහ ලකුණු 184ක ජයක් හිමිවුණා. එහිදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහිදී හසන් ලකුණු 117කට කඩුළු 12ක් බිඳ හෙලූ අතර එය බංග්ලාදේශ පන්දු යවන්නෙකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීමයි.