Wednesday, April 24, 2024

General line - 0115112241

අමෙරිකානු නාවික හමුදාවේ 5 වන බලඝණයේ අණදෙන නිළධාරියාගේ මළ සිරුර බහරේන්හිදී හමුවෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකුගේ මළ සිරුර බහරේන්හි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. එම නිළධාරියාගේ මරණයට හේතුව කවරෙක්ද යන්න මේ දක්වා සොයා ගෙන නැති බවයි එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මැදපෙරදිග ස්ථාපිත කර තිබෙන අමෙරිකානු නාවික හමුදාවේ 5 වන බලඝණයේ අණ දෙන නිළධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබූ වයිස් අද්මිරාල් ස්කොට් ස්ටර්නි නම් 58 හැවිරිදි ජ්‍යෙෂ්ඨ නිළධාරියාගේ මළ සිරුර මෙලෙස හමුවී ඇති අතර ඔහු ඉකුත් මැයි මාසයේ මෙම ධුරයේ වැඩ භාර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු හමුදා ඉතිහාසයේ දක්ෂ ක්‍රියාන්විත නිළධාරියෙක් ලෙස වයිස් අද්මිරාල් ස්කොට් ස්ටර්නි නම්දරා ඇති අයෙක් වන අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් හි ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිළධාරියා වශයෙන්ද ඔහු සේවය කර ඇති බවයි අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මිට අමතරව වයිස් අද්මිරාල් ස්කොට් ස්ටර්නි අමෙරිකානු නාවික හමුදාවේ ගුවන් යානා රැගත් නාවුක බලඝණ කිහිපයකම අණදෙන නිළධාරියා වශයෙන් කටයුතු කර ඇති අතර එම සේවා කාලය තුලදී ගුවන් මෙහෙයුම් 1,000 කට වඩා සිදුකර ඇත.