Thursday, April 25, 2024

General line - 0115112241

අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නැහැ: TNA හමුවේදී ජනපති කියයි




අධිකරණය ලබා දුන් තීන්දුවත් සමග මේ වන විට අගමැතිවරයෙක් හෝ ආණ්ඩුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව ඉදිරි පැය 24 තුලදී තමන් විසින් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවයි මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කරනු ලැබූ ට්විටර් නිවේදනයේ දැක්වෙන්නේ.

අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) සවස සිදුව තිබෙනවා.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියා මාර්ග ගැන ජාතික ආරක්ෂක කවුන්සිලය සහ වගකිවයුතු නිලධාරින් සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටි බවයි දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.