Friday, March 29, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රි කණ්ඩායමක් ජාතික රූපවාහිනී පරිශ්‍රයට යයි

පසන් වික්‍රමතිලක




ඔක්තෝම්බර් මස 26 වෙනිදාට පෙර ප්‍රවෘත්ති වාර්තාකරණය කල ආකාරයට රජයේ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති ප්‍රචාරය කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කණ්ඩායමක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආශු මාරසිංහ, ජේ.සි. අලවතුවල ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් අද උදැසන ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට ගොස් එහි සභාපතිවරයා මුණ ගැසීමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේදී ආයතන පරිශ්‍රයේ සභාපතිවරයා නොසිටි බැවින් මෙලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හමුවී දැනුවත් කල බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට අමතර ආරක්ෂාවක් යොදවා ඇති බවද වාර්තා වනවා.