Thursday, March 28, 2024

General line - 0115112241

අමෙරිකාවේ සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකු සෞදි කුමරුට ඇඟිල්ල දිගු කරයි

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මාධ්‍යවේදී ජමාල් කසෝගිගේ ඝාතනයට සෞදි කුමරුගේ සම්බන්ධයක් ඇති බවට ඕනෑ තරම් තොරතුරු ඇතැයි අමෙරිකාවේ සෙනෙට් මණ්ඩල සාමාජිකයෙකු පවසනවා.

ලෙන්සි ග්‍රේම් නම් වු ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු මධ්‍යම රහස් තොරතුරු ඒජන්සියේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවයි.

මාධ්‍යවේදියාගේ ඝාතනය සහ සෞදියේ සල්මන් කුමරු අතර සම්බන්ධයක් ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බවයි ඔහු මෙහිදී අවධාරණය කර ඇත්තේ. එමෙන්ම මෙම සිද්ධිය පාදක කර ගනිමින් සෞදි රජු කටයුතු කර ඇති අකාරය උමතු සහ අනතුරුදායක බවද අමෙරිකානු සෙනෙට් සභික ලෙන්සි ග්‍රේම් වැඩිදුරටත් පවසා තිබෙනවා. 

මාධ්‍යවේදීයාගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය පුද්ගලයින් 11 දෙනෙකුට චෝදනා එල්ල කර ඇතත් සෞදි රජුගේ සම්බන්ධයක් නොමැති බවටයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

මාධ්‍යවේදී ජමාල් කසෝගි ඉකුත් ඔක්තෝබර් මාසයේ දී තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.