Wednesday, April 17, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ පිතිකරුවෙක් ක්‍රිකට්වලින් සමුගනී

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඉන්දියාවෙන් බිහි වූ දක්ෂ පිතිකරුවෙකු වන ගෞතම් ගාම්බීර් සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

37 හැවිරිදි වියේ පසුවන ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 58කට, එක්දින තරග 147කට සහ පන්දුවාර 20 තරග 37කට ක්‍රීඩා කළා.

එහිදී ටෙස්ට් ලකුණු 4154ක් සහ එක්දින ලකුණු 5238ක් රැස්කර ඇති ගෞතම් ගාම්බීර් සැලකෙන්නේ ඉන්දියාවෙන් බිහි වූ සාර්ථක ආරම්භක පිතිකරුවෙකු ලෙසයි. මේ දක්වා ඉන්දියාවෙන් බිහි වූ හොඳම ආරම්භක පිතිකරු යුගලය ලෙස වාර්තා පොත් අතරට එක්වී ඇත්තේ ද ගම්බීර් සහ විරේන්ද්‍ර ශෙවාග්.

ඔවුන් දෙදෙනා තරග 87කදී ලකුණු 4412ක් රැස්කර තිබෙනවා.

2007 දී සහ 2011 වසරේදී ඉන්දියාව ජයග්‍රහණය කළ ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරග දෙකේදීම වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා බවට පත් වූයේ ද ගෞතම් ගාම්බීර්.