Friday, March 29, 2024

General line - 0115112241

කාන්තාවකට බද්ධ කරන ලද ගර්භාෂයකින් ලොව සිදු වූ පළමු දරු උපත

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කාන්තාවකට බද්ධ කරන ලද ගර්භාෂයකින් ලොව සිදු වූ පළමු දරු උපත බ්‍රසීලයෙන් වාර්තා වනවා.

මෙම ගර්භාෂ බද්ධ කිරීමේ සැත්කම සිදුව ඇත්තේ 2016 වසරේදීයි.

ඒ, 32 හැවිරිදි කාන්තාවකටයි.

ඇය ගර්භාෂයක් නොමැතිව උපත ලැබූ කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙලෙස ඇයට බද්ධ කර තිබුණේ මියගිය කාන්තාවකගේ ගර්භාෂයක්. 

මෙම කාන්තාව බිළිඳියක් බිහිකර ඇති බවයි වාර්තා වෙන්නේ. දැරිය යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.