Friday, April 26, 2024

General line - 0115112241

පැසිෆික් මුහුදේ සුනාමියක්

දිනුක් හේවාවිතාරණ




රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.

පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ රිච්ටර් ඒකක 7.6ක ප්‍රභලත්වයෙන් යුත් භුමිකම්පාව සිදුව ඇත. 

නිව් කැලිඩෝනියෝ දුපතේ පුද්ගලයින් 270,000ක් පමන ජිවත් වේ.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය නිවේදනයක්  නිකුත් කරන්නේ භුකම්පනය සිදුවු අපිකේන්ද්‍රයේ සිට කිලෝමිටර් 1000ක් ඇතුලත ප්‍රදේශයට බලපෑම් එල්ල විය හැකි බවයි.

නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ ඕස්ට්‍රේලියාව සහ ෆිජී දුපත් ද පිහිටා ඇත. 

නිව් කැලිඩෝනියෝ වෙරළ කලාප ආශ්‍රිතව ජිවත්වන පුද්ගලයින්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බළධාරින් නියෝග කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ.