Friday, March 29, 2024

General line - 0115112241

බේරුවලින් හමුවූ බිලියන 2ක් වටිනා කුඩු තොගය ගැන තවත් විස්තර හෙළිවෙයි (UPDATE)

සජිත් තිලකරත්න




බේරුවල බලපිටිය මුහුදු තීරයේ කළ වැටලීමකින් සොයා ගැණුන  රුපියල් මිලියන 2778ක් වටිනා හෙරොයින් තොගය පාකිස්ථානයෙන් ගෙන්වන්නට ඇතැයි මේ වන විට සැක පහළ වි තිබෙනවා.

අදාළ හෙරොයින් තොගය බහාලන උර 11 ක පැකට් 214ක ඇසුරුම් කොට තිබුණා.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම හෙරොයින් තොගය ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය බවයි පොලිසිය පවසන්නේ.






-------------------------------------------------------------------------------------------------------

හෙරොයින් කිලෝ 231ක් සමග දෙන්නෙක් කොටු

06-12-2018 09:32

බේරුවල බලපිටිය මුහුදු තීරයේ කළ වැටලීමකින් රුපියල් මිලියන 2778ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සොයා ගෙන තිබෙනවා.

මෙම හෙරොයින් තොගය ශ‍්‍රී ලංකාවේදී මෙතෙක් සොයා ගැණුනු දෙවන විශාලතම හෙරොයින් තොගය ද බවයි පොලිසිය පවසන්නේ.

අදාළ හෙරොයින් තොගය ප‍්‍රවාහනය කෙරුණු බෝට්ටුව ද මෙම වැටලීමේදී අත්අඩංගුවට ගැණුනා. වැටලීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ද සහය ලබා ගැණුනු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.