Wednesday, April 24, 2024

General line - 0115112241

එජාපයට සහය දෙන්නේ මහින්දට බය නිසා - TNA

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තමන් එක්සත් ජාතික පක්ෂයට සහය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැවත ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීමට බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් පෙන්වා දුන්නේ "අපි එකතු වෙන්නේ..මේ මහින්ද රාජපක්ෂට උතුරු නැගෙනහිර මිනිස්සු බයයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් හැදුවොත් ඒ මිනිස්සු බය වෙනවා.  ඒක නවත්තන්න තමයි අපි එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් එන්නැතිවෙන්න තමයි අපි කටයුතු කරන්නේ..අනෙක් කරුණ මේක නීති විරෝධී පැමිණීමක්." යනුවෙනි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය සමග රහස් කොන්දේසි කිසිවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය මීට පෙර කියා සිටියා.