Thursday, April 25, 2024

General line - 0115112241

යසීර් ෂාගෙන් ලෝක වාර්තාවක්

ප්‍රනීත් කරුණාරත්න




ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබාගැනීමේ වාර්තාව තමන් සතුකර ගැනීමට පාකිස්තානු පා දඟ පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා අද (06) සමත් වුණා.

ඒ පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වන හා අවසන් ටෙස්ට් තරඟය අතරතුරයි.

යසීර් ෂා මෙම දස්කම පෑමට සමත් වූයේ ඔහු මුහුණ දුන 33වන ටෙස්ට් තරඟයේදී වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ තවත් පා දඟපන්දු වන්නෙකු වූ ක්ලැරි ගිමට් විසිනි.මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානය ඉන්දියානු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින්ට හිමිව ඇති අතර ඔහු මෙම දස්කම පෑමට තරඟ 37ක් වැය කර තිබෙනවා.

මේ අතර පාකිස්ථානය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය අවසානයේ තවත් වාර්තාවක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව යසීර් ෂාට හිමිව තිබෙනවා.

ඒ තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක වැඩිම කඩුලු දවාගත් පාකිස්ථානු පන්දු යවන්නා වීමටයි.එම වාර්තාව කඩුලු 30ක් දවාගෙන හිටපු පාකිස්ථානු ක්‍රීඩක අබ්දුල් කාදර් විසින් තබා ඇති අතර යසීර් ෂා මෙම තරඟාවලියේ මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 27කි.