Friday, March 29, 2024

General line - 0115112241

2018 වැඩිම කාබන්ඩයොක්සයිඩ් විමෝචනය කළ වසර වෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




වැඩිම කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් වායුගෝලයට මුදා හැරුණු වසර ලෙස 2018 ඉතිහාසගත වී තිබෙනවා.

ලොව පුරා සීඝ‍්‍රයෙන් වැඩිවන මෝටර් රථ වෙළදපොල මීට ප‍්‍රධාන හේතුවක් බවයි නවතම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ.

චීනයේ ගල් අගුරු භාවිතය ද වායු ගෝලයට මුදා හැරුණු කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළයාමට හේතු වී ඇතැයි සදහන්. 

වායුගෝලයට වැඩිම කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් මුදා හරින රට වන්නේ චීනයයි. අමෙරිකාව, ඉන්දියාව, රුසියාව, ජපානය, ජර්මනිය, ඉරානය, සෞදි අරාබිය, දකුණු කොරියාව සහ කැනඩාව ද එම රටවල් අතරට අයත්.