Wednesday, April 24, 2024

General line - 0115112241

ගාලු කොටුවේ ගොඩනැගිලි 100ක් විදේශිකයන් මිලට ගනී..ජනගහනයත් හරි අඩකින් අඩුවෙයි

ප්‍රනීත් කරුණාරත්න




ගාලු කොටුවේ ඇති ගොඩනැගිලි 450ක පමණ ප්‍රමාණයෙන් ගොඩනැගිලි 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විදේශිකයන් මිලට ගෙන සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ගාලු උරුමය පදනම පවසයි.

මින් පෙර තුන්දහසකට ආසන්න ජනගහනයක් විසූ ගාලු කොටුවේ මේ වන විට එය 1500 වඩා අඩුව ඇති බවද වාර්තාවේ.

එමෙන්ම කොටුවේ පර්චසයක් රුපියල් එක්කෝටි හැත්තෑලක්ෂයක පමණ මුදලකට අලෙවි වන බවත්, නඩු තිබෙන ගොඩනැගිලි ද තැරැව්කරුවන් විසින් විදේශිකයින්ට රවටා විකිණිම නිසා ඒවා මිලට ගෙන ඇති විදේශිකයින් ගැටලු රැසකට මුහුණපා ඇති බවද වාර්තාවේ.