Saturday, April 20, 2024

General line - 0115112241

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුපාඩු සංශෝධනය කරන්න කැපවෙනවා - ජනපති

දිනුක් හේවාවිතාරණ




19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් කාර්ය පටිපටිමය දුර්වලතා ඇත්නම් සංශෝධනය කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටිනවා.

එමෙන්ම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු ලැබුවේ තමන්ගේ මුලිකත්වයෙන් හා කැපවීමෙන් බවත් මෙමගින් දශක තුනක කාලයක් තිස්සේ මෙරට පැවති ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටළු විසදාලීම සදහා බවයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටින්නේ.