Friday, April 19, 2024

General line - 0115112241

අර්ජුනට, සනත්ට සිදුවූ දේම වෙයිද ? ඩිල්ෂාන් උත්තර දෙයි

ප්‍රනීත් කරුණාරත්න




ඉදිරි මැතිවරණයකට ඉදිරිපත්වීම කෙරෙහි තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂන් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවකදියි.

මෙහිදී මාධ්‍යවේදින් ඩිල්ෂාන්ගෙන් විමසා සිටියේ හිටපු ක්‍රිකට් නායකයන් වන අර්ජුන රණතුංග සනත් ජයසූරිය වැන්නන්ට අත්වූ ඉරණනම ඔහුටද අත්වේද යන්නයි.

එම පැනයට පිලිතුරු දුන් ඩිල්ෂාන් පැවසුවේ අර්ජුන රණතුංග ,සන්ත ජයසූරිය සහ තමා වෙනස් අයුරින් සිතන පුද්ගලයන් බැවින් එවැන්නක් සිදු නොවනු ඇති බවයි.

''මට සන්තෝසයි කියන්න මම පවුල් 5000කට වඩා ජීවත් කරනවනවා.මගේ වැඩපිලිවෙල වෙනස්.මේ වනකොට මම අවුරුදු 10 - 12 සමාජ සේවය කරගෙන යනවා .රටේ තිබෙන සියලු ජාතික පාසල් වලට මගේ ගානේ ක්‍රීඩා භාන්ඩ ලබාදෙනවා.මොකද ඔවුන්ට ඒ අවස්ථාව ලබාදිය යුතු ක්‍රීඩාව නගා සිටුවන්න'' යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.