Thursday, April 18, 2024

General line - 0115112241

අභියාචනාධිකරණයේ නියෝගය ගැන මහින්ද යළි කතා කරයි

සමන්ත කුමාර




මින් පෙර කිසිදු අවස්ථාවක පහල අධිකරණයකින් ආණ්ඩුවක කටයුතු අත්හිටුවා නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. 

නාරාහේන්පිට අභයාරාමයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරයා හා අමාත්‍යංශ ලේකම්වරු සිටින බැවින්  රජයේ වැඩකටයුතු සුපුරුදු පරිදි සිදුකරගෙන යන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.