Friday, April 26, 2024

General line - 0115112241

සුප්‍රකට දුරකථන සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනියක් කැනඩාවේදී අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




සුප්‍රකට දුරකථන සමාගමක් වන චීනයේ හුවාවී සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය වන මෙන්ග් වන්සාහු කැනඩාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය එම සමාගමේ ප්‍රධාන මුල්‍ය පරිපාලන නිලධාරිනිය වන අතර මෙම අත්අඩංගුවට ගැනීම ඉකුත් සෙනසුරාදා වැන්කුවර් ගුවන් තොටුපලේදී සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිය රටේ ප්‍රධාන සමාගමක විධායක ශ්‍රේෂණියේ නිලධාරියෙක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චීනය දැඩි නොසතුටෙන් පසුවන අතර වහාම මෙන්ග් වන්සාහු නිදහස් කරන මෙන් කැනඩාවෙන් ඉල්ලා ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සම්න්ධයෙන් සිය රජයේ කිසිදු අනුදැනුමක් මත සිදුවූවක් නොවන බවයි කැනඩාවේ අගමැති ජස්ටින් තියෝඩොර් ප්‍රකාශ කර සිටින්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මුලික හේතුව වී ඇත්තේ අමෙරිකාව විසින් උද්ර්පන නිතිය යටතේ කැනඩාවෙන් සිදුකරන ලද ඉල්ලිමක් මත බව සදහන්.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ගෙන් විමසු විට ඔහු ඒ පිලිබදව කිසිදු ප්‍රකාශයක් සිදු නොකිරීමට වගබලා ගත් බව BBC පුවත් සේවය වාර්තා කර සිටිනවා.