Friday, April 26, 2024

General line - 0115112241

රාජිත සේනාරත්න අසනීපයෙන් ? පැතිරෙන පුවතේ ඇත්ත නැත්ත




පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය රාජිත සේනාරත්න රෝගී තත්ත්වයකින් පසුවන බවට මේ දිනවල පැතිර යන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසනවා.

මන්තී‍්‍රවරයා මේ වනවිටත් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර අරලියගහ මන්දිරයේ ඊයේ (6) සහ පෙරේදා (5) පැවැති සාකච්ඡාවලටද ඔහු සහභාගී වූ බවත් නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘‘යුක්තියේ හඬ’’ ජන රැළි සඳහාද රාජිත සේනාරත්න මන්තී‍්‍රවරයා සහභාගී වනු ඇති බවත් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය අංශය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.