Friday, April 19, 2024

General line - 0115112241

නායකයන් දෙකට බෙදෙයි, රුපියල් දහසක වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් කළ සටන අඩපන වන ලකුණු

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකර ගැනීම සඳහා වතු කම්කරුවන් ඇරඹූ අරගලය දෙදරා යමින් තිබෙනවා. එම අරගලයට නායකත්වය දුන් දේශපාලනඥයින් ප‍්‍රමුඛ වෘත්තීය සමිති පරස්පර අදහස් ඉදිරිපත් කරමින් වෙන වෙනම කටයුතු හේතුවෙන් එම තත්වය ඇතිව තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලා ඇතැම් වෘත්තීය සමිති විසින් වැඩවර්ජනයක් කැඳවා තිබේ. එහෙත්, ඇතැම් වෘත්තීය සමිති වතුකම්කරුවන්ට උපදෙස් දී ඇත්තේ මෙම වැඩවර්ජනයට එක් නොවන ලෙසයි. 

පාර්ලිමේන්තුව තුලදි එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග‍්‍රසය සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී දිගම්බරම් නායකත්වය ලබා දෙන වෘත්තීය සමිතීන් අතර මෙම මතභේදය ඇතිව තිබේ..

ප‍්‍රතිපාර්ශවය කුමක් කීවද, අද පිටපිටම හතරවන දිනටත් වැඩවර්ජනය සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග‍්‍රසය පවසනවා. වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂය පවසන්නේ වතු කම්කරුවන් වැඩි පිරිසක් මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වනු ඇති බවයි. එම පක්ෂයේ උප සභාපති සන්ධානම් අරුල්සාමී මේ බව පවසනවා.

 

කෙසේ වෙතත් ජාතික කම්කරු සංගමය පවසන්නේ මෙම වැඩවර්ජනයෙන් පීඩාවට පත් වන්නේ  ආණ්ඩුව හෝ වතුහිමිකරුවන් නොව වතුකම්කරුවන්ම බවයි  ඒ නිසා මෙම වැඩවර්ජනයට එක් නොවන්නැයි තමන් වතු කම්කරුවන්ට උපදෙස් දුන් බව එම පක්ෂය පවසනවා. ජාතික කම්කරු සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර පී දිගම්බරම් නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කරනවා.

 

වතුකම්කරුවන් විසින් දියත් කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ඇතැම් තේ වතුවල කටයුතු ඉකුත් දින කිහිපයේදී අඩාල වී තිබුණා.