Thursday, March 28, 2024

General line - 0115112241

මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩ ගත් අස්ථි දෙකක අභිරහසක්




මන්නාරම සමූහ මිනීවලෙන් අලූතින්ම සොයා ගත් අස්ථි කොටස් දෙකක් කිසියම් ද්‍රව්‍යකින් එකිනෙක බැඳ තිබුණු බව එහි පරික්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පවසනවා. කිසි‍යම් ලෝහයක් හේතුවෙන් එම අස්ථින් මෙලෙස බැඳ තිබෙන බවට සැක කෙරෙනවා. එසේත් නොමැතිනම් එය කිසියම් ආභරණයක් හෝ සිමෙන්ති බැඳීමක්ද දැයිද සැකකෙරෙන බව සඳහන්.

පසුගිය දින (06) සිදු කළ කැනීම්වලදී මෙම අස්ථි කොටස් දෙක හමුවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා. පසුව එම අස්ථි කොටස් මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාගේ අවධානයට යොමු කර ඇති බවද සඳහන්.

මේවනවිට මිනිස් සිරුරු 266ක අස්ථී කොටස් මන්නාරම සමූහ මිනීවලෙන් මතුකර ගෙන ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ පවසනවා. ඒවායෙන් සිරුරු 260ක අස්ථී කොටස් කැනීම් මගින් ඉවත් කර ගෙන ඇතැයිද අධිකරණ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.