Thursday, April 25, 2024

General line - 0115112241

"සුඛෝපභෝගී හෝටල වල රාජ්‍ය උත්සව පවත්වා මුදල් විනාශ කරන්න එපා" ජනපතිගේ තීරණයට එජාපය, ජවිපෙ විරුද්ධ වෙයි

ඩිල්ෂාන් මඩවල/ලහිරු කපුගේ




ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නැවත වරක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව සිය බලය ඉක්මවා කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව කරන්නේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියළුම රජයේ ආයතනවල උත්සව සදහා සුඛෝපභෝගි හෝටල් භාවිත කිරීම තහනම් කරමින් ඊයේ නිකුත් කෙරුණු චක‍්‍රලේඛය පිළිබඳ සිය ස්ථාවරය දක්වමිනි.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ සී අලවතුවල පවසන්නේ ජනපතිවරයාට එවැනි තීරණයක් ලබා ගැනීමට ජනපතිට බලයක් නොමැති බවයි.

 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් ද විමසීමක් කළා. මේ ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙවැනි ලාභ සිල්ලර දේශපාලන තීන්දු පිළිබඳව කතාකිරීමෙන් පලක් නැති බවයි.

 

කෙසේවෙතත් ජනාධිපතිවරයාට සහය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය අගය කළ යුතු එකක් බවයි. රාජ්‍ය වියදම් අවම කර ගැනීමට එයින් හැකිවන බව ඔවුන් පෙන්වා දෙනවා. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේ පවසන්නේ මේ අවස්තාවේදී රජයේ වියදම් කපා දැමීම ඉතා හොද ක්‍රියාවක් බවයි.