Thursday, April 25, 2024

General line - 0115112241

ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගෙන්වීමට එජාපය සුදානම්




ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සදහා නැවත වරක් කොළඹට ජනබලය කැදවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 

එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ගෙනවිත් විරෝධතාවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.

 

මේ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කළ "යුක්තියේ හඩ"  ප‍්‍රසංගය ඊයේ (06) කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වුණා. ඒ කළාකරුවන් හා වෘත්තිකයන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.